[{"topic":"ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!","description":"තාක්ෂණික ඉතිහාසයේ කිසි දිනක අසා නැති ආකාරයේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදු වූ සයිබර් ප්‍රහාරයක් පිළිබඳව OpenAI (ChatGPT නිර්මාණය කළ ආයතනය) සහ Hugging Face (ලෝකයේ ප්‍රධාන පෙළේ AI ආකෘති සහ දත්ත හුවමාරු වන මධ්‍යස්ථානයක්) ආයතන විසින් අනාවරණ කර තිබෙනවා. මිනිස් මැදිහත්වීමකින් තොරව, AI පද්ධතියක් තවත් ප්‍රධාන පෙළේ තාක්ෂණික ආයතනයකට රහසිගතව ඇතුළු වූ (Hack කළ) පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ. මෙම සිදුවීම තාක්ෂණ ලෝකයේ මේ වන විට දැඩි අවධානයකට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබෙනවා. ප්‍රධාන පාර්ශ්වකරුවන්: OpenAI: ChatGPT නිර්මාණය කළ, අති නවීන කෘත්‍රිම බුද්ධි පර්යේෂණ සිදු කරන ප්‍රමුඛ පෙළේ ආයතනයකි. Hugging Face: ලොව පුරා සිටින කෘත්‍රිම බුද්ධි පර්යේෂකයන් සහ සංවර්ධකයින් එකතු වී විවිධ AI මාදිලි, දත්ත සහ මෘදුකාංග හුවමාරු කරගන්නා සහ ගබඩා කරන ප්‍රධානතම ජනප්‍රිය වේදිකාවකි. GPT-5.6 Sol සහ තවත් Pre-release model එකක්: OpenAI ආයතනය අභ්‍යන්තරව පරීක්ෂණ පවත්වමින් සිටි ඉතාම දියුණු සහ බලවත් AI ආකෘති ද්විත්වයකි. ඇත්තටම සිදුවුණේ කුමක්ද? අභ්‍යන්තර පරීක්ෂණය (Internal Evaluation):OpenAI ආයතනය විසින් ඔවුන්ගේ නවතම AI පද්ධතිවල සයිබර් ආරක්ෂක සහ හැකර් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවන් කෙසේදැයි පරීක්ෂා කර බැලීමට අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වමින් තිබිණි. මෙහිදී සාමාන්‍යයෙන් ආරක්ෂාවට බාධා වන නීති රීති මෙම පරීක්ෂණය සඳහා තාවකාලිකව ඉවත් කර තිබුණි. පාලිත පරිසරයෙන් (Sandbox) පැන යාම:මෙම AI පද්ධතියට පිටත අන්තර්ජාලයට පිවිසීමට කිසිදු අවසරයක් නොතිබූ අතර එය දැඩි ලෙස ආරක්ෂිත හුදකලා පරිසරයක (Sandbox) රඳවා තිබිණි. එහෙත්, AI නියෝජිතයා (AI Agent) තනියම සිතා බලා කිසිවකු නොදැන සිටි ආරක්ෂක දුර්වලතාවක් (Zero-day vulnerability) සහ රහසිගත මංපෙත් භාවිත කරමින් එම ආරක්ෂක වළල්ල බිඳගෙන බාහිර පරිසරයට පිවිස තිබේ. පරීක්ෂණයේ ඉලක්කය සහ Hugging Face වෙත පිවිසීම:තමන්ට ලබා දී තිබූ පරීක්ෂණ ඉලක්කය සපුරා ගැනීම සඳහා, එවැනි දත්ත අඩංගු විය හැකි ප්‍රධානම තැන Hugging Face බව මෙම AI පද්ධතිය තර්කානුකූලව අනුමාන කර තිබේ. ස්වයංක්‍රීය හැකර් ප්‍රහාරය:අනතුරුව, සොරකම් කරන ලද ඩිජිටල් අක්තපත්‍ර (Stolen credentials), එනම් පද්ධතියකට හෝ සේවාවකට ඔබ කවුදැයි තහවුරු කර ප්‍රවේශය ලබා දෙන තොරතුරු  සහ තවත් තාක්ෂණික ක්‍රම භාවිත කරමින් Hugging Face ආයතනයේ නිෂ්පාදන සේවාදායකයන් වෙත මෙම AI නියෝජිතයා ඇතුළු වී තිබේ. ස්වයංක්‍රීය හැකර් ප්‍රහාරය නැවැත්වීම:Hugging Face ආයතනයේ සයිබර් ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ ස්වයංක්‍රීය පද්ධති මඟින් මේ අසාමාන්‍ය ක්‍රියාකාරකම වහාම හඳුනාගෙන එය අවහිර කිරීමට සමත් වී තිබේ. මෙහි ඇති බරපතළකම සහ විශේෂත්වය කුමක්ද? අපේක්ෂා කළාට වඩා AI Agents ස්වාධීන වීම:මෙම AI නියෝජිතයින්ට සහ මෙම පද්ධතියකට කිසිදු අයහපත් චේතනාවක් තිබී නැත. නමුත් එයට අවශ්‍ය වූයේ තමන්ට දුන් ප්‍රශ්නයට පිළිතුරු සෙවීම පමණි. එහෙත්, එම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා මිනිසුන්ගේ කිසිදු උපදෙසකින් තොරව, තමන් විසින්ම තීන්දු තීරණ ගනිමින් වෙනත් ආයතනයක් හැක් කිරීමට තරම් එය බුද්ධිමත්ව හා අවසාන ඉලක්කය කරා යාමට මාර්ගයක් සොයාගැනීමට සමත් වීම කාගේත් මවිතයට හේතු වී තිබේ. සයිබර් ආරක්ෂාවට ඇති අභියෝග:අනාගතයේදී මෙවැනි ස්වයංක්‍රීය AI නියෝජිතයන් වැරදි අතට හැරුණහොත්, මිනිසුන්ට පාලනය කළ නොහැකි මට්ටමේ සයිබර් ප්‍රහාර ලෝකය තුළ ක්‍රියාත්මක විය හැකි බවට ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති. රාජ්‍ය මට්ටමින් මෙය පාලනය කිරීමේ අවශ්‍යතාව:ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බලවත් AI පද්ධතිවල ජාතික ආරක්ෂාවට ඇති අවදානම් පරීක්ෂා කිරීම සඳහා විධායක නියෝගයකට අත්සන් තැබූ පසුබිමක මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි. ඉදිරි පියවර:මෙම අනපේක්ෂිත සිදුවීමෙන් පසු OpenAI සහ Hugging Face ආයතන එකතුවී ආරක්ෂක විධිවිධාන තවදුරටත් තර කර ඇත. AI තාක්ෂණය වේගයෙන් සංවර්ධනය වනවා සේම, එය පාලනය කරන ආරක්ෂක සහ නියාමන ක්‍රමවේදද ඊටත් වඩා වේගයෙන් දියුණු කළ යුතු බව මෙමඟින් මුළු ලෝකයටම පසක් කර ඇත.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (3)-620394.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (3)-620394_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (3)-620394_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (3)-620394_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (3)-620394_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/22/openai-%e0%b6%86%e0%b6%ba%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-ai-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba","additional_images":["No additional images"]},{"topic":"ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්","description":"ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක නව තීරු බද්දක් පනවා තිබේ. ඒ ඇමරිකාවේ මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මත්පැන් ඇතුළු භාණ්ඩ පිළිබඳව කැනඩාව අසාධාරණ ලෙස කටයුතු කරන බවට චෝදනා කරමිනි. ඒ අනුව ඊට ප්‍රතිචාර වශයෙන් වයින් සහ හොකී පිති වැනි එදිනෙදා පාරිභෝගික භාණ්ඩවලට මෙන්ම සිමෙන්ති ඇතුළු කාර්මික භාණ්ඩද නව තීරුබදු වලට යටත් වනු ඇති. දින 30ක කාලයකින් නව තීරු බද බලාත්මක වන අතර, කැනඩාව - ඇමරිකාව සහ මෙක්සිකෝව අතර නිදහස් වෙළඳ ගිවිසුමෙන් ආවරණය වන භාණ්ඩවලට පවා නව තීරු බදු බලපෑම් එල්ල කිරීම විශේෂත්වයකි. දැනටමත් කැනේඩියානු යකඩ, ඇලුමිනියම් සහ තඹ ඇතුළු භාණ්ඩ සඳහා ඇමරිකාව පැනවූ  15% -  50%ත් අතර තීරු බදු ක්‍රියාත්මකයි. ඊට ප්‍රතිචාර වශයෙන් කැනඩාවද  25%ක තීරුබදු ප්‍රතිශතයක් පවත්වාගෙන යන බව විදෙස් වාර්තාවල සඳහන් වේ. නව තීරු බදු වාර්තා වන්නේ කැනඩාවේ පැතිරී ගිය ලැව් ගිනි දුමාරය පිළිබඳව ට්‍රම්ප් අනතුරු ඇඟවීම් එල්ල කිරීමෙන් පසුව වීම විශේෂත්වයකි. අදාළ දුමාරය ඇමරිකාව වෙත හමා ඒම වලක්වාගැනීමට කැනඩාව උත්සහ නොකිරීම පිළිබඳව ට්‍රම්ප්ගෙන් ප්‍රභල චෝදනාවක් එල්ල වූ අතර ඊට එරෙහිව නව බදු පනවන බවටද ට්‍රම්ප් අනතුරු ඇඟවා තිබුණි.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/01/641867dd-donald-trump.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/641867dd-donald-trump-620287_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/641867dd-donald-trump-620287_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/641867dd-donald-trump-620287_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/641867dd-donald-trump-620287_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/21/%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a","additional_images":["No additional images"]},{"topic":"බ්‍රිතාන්‍යයේ නව අගමැති ඇන්ඩි බර්නම්","description":"බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්නම් අද පත්කෙරිණ. බර්න්හැම් වසර 10 ක් තුළ එම ධුරයට පත්වූ හත්වැනි පුද්ගලයායි. පසුගිය මැයි මාසයේ පැවති ප්‍රාදේශීය මැතිවරණවලදී කම්කරු පක්ෂය ප්‍රබල පසුබෑමකට ලක්වීමත් සමග අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ ය.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (7)-620257.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (7)-620257_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (7)-620257_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (7)-620257_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (7)-620257_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/20/%e0%b6%b6%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80-%e0%b6%85%e0%b6%9c%e0%b6%b8","additional_images":["No additional images"]},{"topic":"ඩෙංගු මඩින්න සැරෙසෙන ඉන්දියාව..","description":"ඉන්දියාවේ ඖෂධ පාලක ජනරාල්වරයා කිව්ඩෙංගා ඩෙංගු එන්නත සදහා අනුමැතිය ලබාදී තිබේ. එය ඉන්දියාව අනුමත කළ පළමු ඩෙංගු එන්නතයි. ජපානයේ ටකිඩා බයෝෆාමසූටිකල්ස් ඉන්දියා සමාගම නිෂ්පාදනය කරන කිව්ඩෙංන්ගා එන්නත ඩෙංගු වෛරස් ප්‍රභේද හතරටම එරෙහිව ආරක්ෂාව සැළසීමට නිර්මාණය කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ය. මීට පෙර ඩෙංගු වැළඳී තිබුණත් නැතත් ඕනෑම අයෙකුට එය ලබා දිය හැකියි. එන්නත් කිරීමට පෙර පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය නොවන බවද නිෂ්පාදකයින් පවසයි. මෙම එන්නත සම යටට ලබා දෙන අතර, මිලිලීටර් 0.5 බැගින් වූ මාත්‍රා දෙකක් නියමිත පිළිවෙලකින් ලබාදිය යුතුයි. දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් මාස තුනකට පසුව ලබා දිය යුතු බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන් ය. අවුරුදු 4 සිට 60 දක්වා වයස් කාණ්ඩයේ පසුවන්නන් සඳහා භාවිත කිරීමට මෙම ඖෂධය අනුමත කර තිබේ. 2022 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ අවස්ථාවේ සිට කිව්ඩෙන්ගා එන්නත රටවල් 43 ක අනුමත වී ඇති අතර ගෝලීය වශයෙන් එන්නත් මාත්‍රා මිලියන 32 කට වඩා බෙදා හැර ඇතැයි නිෂ්පාදකයින් සදහන් කළේ ය. එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් අනුමැතිය ලබාගෙන ඇති අතර එමගින් එන්නතෙහි ගුණාත්මකභාවය, ආරක්ෂිතබව සහ කාර්යක්ෂමතාව ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කරනු ලබයි. මේ අතර එම එන්නත මෙරට භාවිතය සඳහා සුදුසුද නැත්ද යන්න සම්බන්ධයෙන් අනුමැතිය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ය. නිව්ස් ෆස්ට් කළ විමසීමකදී ලේකම්වරයා පැවසුවේ එම අධිකාරියේ අවසන් තීරණයට යටත්ව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි. මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76, 044 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ය. එම ඒකකය පැවසුවේ මෙම මාසයේ ගතවු දින 19 දී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 20, 666 දෙනෙකු වාර්තා වී ඇති බවයි. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 53 කි. දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 162ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය. මේ අතර,, සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය හා වැළැක්වීම පිළිබඳ සායණික කළමණාකරණ හා මාර්ගෝපදේශ එළිදැක්වූවා. ඊට, ඩෙංගු රෝගය කල්තියා හඳුනාගැනීම, රෝගීන් නිසි පරිදි කළමණාකරණය කිරීම, රෝග නිරීක්ෂණය ශක්තිමත් කිරීම හා ඇතුලු ඇතුළත් ය. මේ අතර, ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත් ක්‍රියාත්මක කෙරිණ. ඒ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ය. වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, නිවුස් ෆස්ට් ප්‍රමුඛ කැපිටල් මහරාජා මාධ්‍ය ජාලය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධවයි.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (5)-620245.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (5)-620245_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (5)-620245_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (5)-620245_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (5)-620245_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/20/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%a9%e0%b7%99%e0%b6%82%e0%b6%9c%e0%b7%94-%e0%b6%b8%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b7%8a","additional_images":["No additional images"]},{"topic":"ඉදිකෙරෙමින් පැවති ඉරාන න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාර","description":"අවබෝධතා ගිවිසුමේ වගන්ති උල්ලංඝණය කළ බවට එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින ඉරානය සහ ඇමරිකාව අතර අදත් ප්‍රහාර වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (19) ඇමරිකාව ඉරානයේ ඉදිකෙරෙමින් පැවති න්‍යෂ්ටික බලාගාරයකටද පහර දී ඇති බවයි. ඩාකෝවින් නැමැති අදාළ බලාගාරය ඉලක්ක කරගැනීම, ඉරානයේ සාමකාමී යටිතල පහසුකම්වලට එල්ල වූ භයානක තර්ජනයක් බව එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසීම් ගරිබබාදි පවසයි. අනාරක්ෂිතභාවය සහ අස්ථාවරත්වය ඉහළ යාමෙන් ඇතිවන ප්‍රතිවිපාකවලට ඇමරිකානු රජය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවද, ඔහු අවධාරණය කළේ ය. මේ අතර සිදුවීම පිළිබඳ අදහස් දක්වමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සඳහන් කළේ , අදාළ බලාගාරය ඉදිකිරීම්වල මුල් අවධියේ පවතින බවයි. අවසන් වරට එය නිරීක්ෂණය කළ අවස්ථාවේදී එහි න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු නොවූ බවත්, මේ හේතුවෙන් විකිරණ කාන්දුවීමේ අවධානමක් නොමැති බවත් ඔවුන් නිවේදනය කළේ ය.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (1)-620215.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (1)-620215_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (1)-620215_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (1)-620215_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (1)-620215_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/20/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%9a%e0%b7%99%e0%b6%bb%e0%b7%99%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b7%92-%e0%b6%89%e0%b6%bb","additional_images":["No additional images"]}]