[{"topic":"කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරග බිමට සමුදෙයි.","description":"පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම්ලාභී කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරග බිමෙන් සමුගන්නා බව නිවේදනය කළේ ය. ඒ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. 31 හැවිරිදි යුපුන් අබේකෝන් මීටර 100 සහ 200 ධාවන ඉසව්වලින් තරග කළේ ය. එම ඉසව් දෙකේම ශ්‍රී ලංකා වාර්තාවලට හිමිකම් කියන්නේ ද ඔහුයි. 2022 බර්මින්හම් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම ඔහු දිනා ගත්තේ ය. 2019 කත්මන්ඩු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්වේ රන් පදක්කම මෙන්ම 2015 ලෝක යුද හමුදා ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමද යුපුන් දිනූ පදක්කම් අතරට ඇතුළත්.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (4)-620329.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (4)-620329_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (4)-620329_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (4)-620329_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (4)-620329_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/21/%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92-%e0%b6%af%e0%b7%94%e0%b6%bb-%e0%b6%b0%e0%b7%8f%e0%b7%80%e0%b6%b1-%e0%b7%81%e0%b7%96%e0%b6%bb-%e0%b6%ba%e0%b7%94","additional_images":["No additional images"]},{"topic":"ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක කුසලානය දිනාගනී..","description":"ස්පාඤ්ඤය 16 වසරකට පසුව, පාපන්දු ලෝක කුසලානය, ජය ගත්තේ ය. ඒ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව පරාජය කරමිනි. 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඇමරිකාවේ නිව් යෝර්ක්හි නිව් ජර්සි ක්‍රීඩාංගනයේදී පැවැත්වූයේ 80,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේයි. ස්පාඤ්ඤය සුපිරි ටෙනිස් ක්‍රීඩක කාලෝස් අල්කරේස්, දකුණු කොරියානු රංගන ශිල්පිණි හොයියෑන්, 1978 පාපන්දු ලෝක කුසලානය ජය ගත් ආර්ජන්ටිනා කණ්ඩායමට ක්‍රීඩා කළ මරියෝ කැම්පස්, 2010 වසරේ පාපන්දු ලෝක කුසලානය ජය ගත් ස්පාඤ්ඤය කණ්ඩායමට ක්‍රීඩා කළ ආන්ද්‍රේස් ඉනියෙස්ටා ජයග්‍රාහකයින්ට හිමි වන පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩාංගනය වෙත රැගෙන ඒමට කටයුතු කළහ. ජනප්‍රිය ඇමරිකානු රංගන ශිල්පී ටොම් කෘෘස් තරගයේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටියේ ය. අඛණ්ඩව දෙවැනි වරටත් පාපන්දු ලෝක කුසලානය ජය ගැනීමේ අරමුණින් ලියනොල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාවත්, 2010 වසරෙන් පසුව පාපන්දු ලෝක කුසලානය සිය රටට දිනා දීමේ අරමුණින් ලමීන් යමාල් ප්‍රමුඛ ස්පාඤ්ඤයත් අවසන් මහා තරගය වෙනුවෙන් තරගයට එක්විය. තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය. පළමු අර්ධය අවසානයේ ලෝක ප්‍රසිද්ධ ගායන තරු එක්වූ ප්‍රසංගයක්ද පැවැත්විණි. එහිදී ලෝක ප්‍රසිද්ධ කේ පොප් ගායන කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායම මෙන්ම සුපිරි පොප් ගායක ජස්ටින් බීබර්ද එම ප්‍රසංගය වර්ණවත් කිරීමට එක් වූහ. සුපිරි පොප් ගායිකා ශකීරා මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය වන ''දයි දයි'' ගීතය ගායනා කළා ය. තරගයේ දෙවැනි අර්ධය වෙනුවෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයට පිවිසියේ ඉන් අනතුරුවයි. කෙසේ නමුත් දෙවැනි අර්ධය අවසානයේද කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවීය. ජයග්‍රාහකයින් තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නේ ඒ අනුවයි. ඒ අනුව තරගයේ 106වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤය ක්‍රීඩක ෆෙරාන් ටොරෙස් ජයග්‍රාහී ගෝලය රැස් කිරීමට සමත් විය. මෙම අවසන් මහා තරගයේ වාර්තා වූ එකම ගෝලයද එයයි. ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල 1ට 0ක් ලෙස ස්පාඤ්ඤයට ජය හිමි කර දෙමිනි. ස්පාඤ්ඤය ජය ගත් දෙවැනි පාපන්දු ලෝක කුසලානය මෙය වීමද විශේෂත්වයකි. තරගයේ හොඳම යොවුන් ක්‍රීඩකායට හිමි සම්මානය දිනා ගත්තේ ස්පාඤ්ඤය ක්‍රීඩක පවු කුබාර්සි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියක දක්ෂතම ගෝල් රකින්නාට හිමිවන ගෝල්ඩන් ග්ලව් සම්මානය නොහොත් රන් අත්වැසුම ස්පාඤ්ඤය ක්‍රීඩක වූණායි සීමන්ට හිමි විය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි වන ගෝල්ඩන් බෝල් සම්මානය නොහොත් රන් පන්දුවට මෙවර හිමිකම් කීවේ ස්පාඤ්ඤය පාපන්දු නායක රොඩ්‍රි. පසුගිය වර ශූරතාව දිනූ ආර්ජන්ටිනාවට මෙවර අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1)-620209.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1)-620209_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1)-620209_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1)-620209_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1)-620209_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/20/16-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b7%80-%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%a4%e0%b7%8a","additional_images":["No additional images"]},{"topic":"එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ 3වන ස්ථානය දිනා ගනී","description":"හැරී කේන් ප්‍රමුඛ එංගලන්තය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගත්තේ ය. ඒ කිලියන් එම්බාප්පේ ප්‍රමුඛ ප්‍රංශය සමග පැවැති තරගය ගෝල 6ට 4ක් ලෙස ජය ගනිමිනි. මයැමි ක්‍රීඩාංගනයේදී පැවැති තරගය නැරඹීම සඳහා හැට හතර දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියහ. තරගයේ පළමු අර්ධය එංගලන්තය පෙරමුණ ගත්තේ ගෝල 4ට 0ක් ලෙසයි. දෙවැනි අර්ධයේදී ඔවුන් තවත් ගෝල 2ක් රැස් කළහ. ප්‍රංශය දෙවැනි අර්ධයේදී ගෝල 4ක් රැස් කළද එය ජයග්‍රාහණයට ප්‍රමාණවත් නොවීය. මේ අතර තරගාවලියේ සියලු තරග මෙන්ම ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර හෙට (20) අලුයම 12.30ට පැවැත්වෙන අවසන් මහා තරගයත් බලයලත් විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ සිරස TV සහ TV1 ඔස්සේ ඔබට නැරඹිය හැකියි. අවසන් තරගය පුළුල් තිර මගින් කොළඹ ගෝල්ෆේස් ක්‍රීඩාංගනයේදී නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමිව තිබේ. එම තරගයට පෙර ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සහ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වන සංගීත සංදර්ශනයක් පැවැත්වීමට නියමිතයි. භාතිය - සංතුෂ්, කාංචනා අනුරාධි සහ දිනේෂ්  ගමගේ  ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ඊට සහභාගී වේ.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (13)-620147.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (13)-620147_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (13)-620147_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (13)-620147_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (13)-620147_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/19/%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd-6%e0%b6%a7-4%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%82","additional_images":["No additional images"]},{"topic":"'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ...","description":"2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. 6වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියට කණ්ඩායම් 5ක් ඇතුළත්. Jaffna Kings, Galle Gallants, Kandy Royals , Dambulla Sixer සහ Colombo Kaps එම කණ්ඩායම් වේ. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ SSC ,ආර්. ප්‍රේමදාස , පල්ලෙකැලේ සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවලදී. මෙතෙක් පැවති තරගාවලි 5න් 4ක් ජැෆ්නා කණ්ඩායම ජයගෙන ඇති අතර එක් තරගාවලියක් දඹුල්ල කණ්ඩායම ජයගෙන තිබේ. ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර පළමු තරගය අද (17) රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (6)-620049.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (6)-620049_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (6)-620049_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (6)-620049_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (6)-620049_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/17/2026-lanka-premier","additional_images":["No additional images"]},{"topic":"ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට...","description":"ලියනොල් මෙසී ප්‍රමුඛ වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව, 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරගය ජය ගනිමිනි. 68,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ඇමරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්විණි. උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවීය. තරගයේ පළමු ගෝලය වාර්තා කළේ 55වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ එංගලන්ත ක්‍රීඩක ඇන්තනි ගෝඩන්. ඉන් මිනිත්තු 30කට පසුව එන්සෝ ෆර්නැන්ඩස් ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය රැස් කිරීමට සමත් විය. තරගයේ ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේ 2වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ ජයග්‍රාහී ගෝලය රැස් කළේ ලවුතාරෝ මාර්ටිනස්. ඒ අනුව තරගය අවසන් වුණේ ගෝල 2ට 1ක් ලෙස ප්‍රබල ආර්ජන්ටිනාවට ජය හිමි කර දෙමිනි. අවස්ථා 3කදී පාපන්දු ලෝක කුසලානය ජයගෙන සිටින වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව මින් පෙර අවස්ථා 6කදී පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා තිබේ. ඔවුන් මෙවර එක්වන්නේ සිය 7වැනි පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට වීමත් විශේෂත්වයකි. ඒ අනුව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වෙනු ඇති. ලබන 20 වැනිදා  නිව් යෝර්ක්හි නිව් ජර්සි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අලුයම 12.30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ 3වැනි ස්ථානය සඳහා වන තරගය ප්‍රංශය සහ එංගලන්තය අතර ලබන 19 වැනිදා අළුයම 02.30ට පැවැත්වේ. 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට බලයලත් විකාශන අයිතිය හිමි  සිරස මාධ්‍ය ජාලයේ සිරස Tv සහ TV1 නාලිකා ඔස්සේ ඔබට එම තරග ඔබට සජීවීව නැරඹිය හැකියි.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (11)-619994.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (11)-619994_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (11)-619994_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (11)-619994_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (11)-619994_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/16/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd","additional_images":["No additional images"]}]