[{"topic":"චීන ජාතික ගැටුමට පොලිස් කණ්ඩායම් දෙකකින් විමර්ශන","description":"කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇතිවු ගැටුම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු වුට්ලර්  සඳහන් කළේ, කොළඹ වරාය පොලීසිය සහ ඇහැලියගොඩ පොලීසිය එක්ව විමර්ශණ ආරම්භ කර ඇති බවයි. ගැටුම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනාගෙන් මේ වන විට ප්‍රශ්න කිරිම් ආරම්භ කර තිබේ. විමර්ශන සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිවරයාට සහ මෙරට චීන තානාපති කාර්යාලයට කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර කොළඹ වරාය නගරය ඇතුළු කොළඹ ප්‍රදේශයේ ජිවත්වන චින ජාතිකයිනගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. කොළඹ වරාය නගරය තුළදී  චීන ජාතිකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති ඇතිවුණේ පෙරේදා රාත්‍රියේයි. මේ අතර ගැටුමට සම්බන්ධ චීන ජාතිකයින් පලාගිය බවට සැකකෙරෙන සුඛෝපභෝගී ජීප් රථයක් පාදුක්ක පහළ බෝපේ හන්දිය ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ සොයා ගැණුනි.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/NewsFrame_1784862741560-620459.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/NewsFrame_1784862741560-620459_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/NewsFrame_1784862741560-620459_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/NewsFrame_1784862741560-620459_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/NewsFrame_1784862741560-620459_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/24/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1","additional_images":["No additional images"]},{"topic":"වත්තල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට - පොලීසිය","description":"වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇති බවයි. ඊයේ(24) රාත්‍රියේ හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණි. වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සැක කරයි.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2022/08/88b47a9f-shooting[1]-494730-495861.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/88b47a9f-shooting[1]-494730-495861-620453_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/88b47a9f-shooting[1]-494730-495861-620453_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/88b47a9f-shooting[1]-494730-495861-620453_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/88b47a9f-shooting[1]-494730-495861-620453_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/24/%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd-%e0%b6%b4%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d","additional_images":["No additional images"]},{"topic":"දෙමටගොඩ, කුප්පියාවත්ත කනත්ත අසළ වෙඩි තැබීමක්","description":"දෙමටගොඩ, කුප්පියාවත්ත කනත්ත අසළ වෙඩි තැබීමක් සිදුව තිබේ. පුද්ගලයෙකුට තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2022/08/88b47a9f-shooting[1]-494730-495861.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/88b47a9f-shooting[1]-494730-495861-620447_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/88b47a9f-shooting[1]-494730-495861-620447_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/88b47a9f-shooting[1]-494730-495861-620447_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/88b47a9f-shooting[1]-494730-495861-620447_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/23/%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b6%a7%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%9a%e0%b7%94%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad","additional_images":["No additional images"]},{"topic":"අනුද බණ්ඩාර ලබන 27 දක්වා රිමාන්ඩ්...","description":"හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) නියෝග කළේ ය. ඒ, චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියකට අදාළවයි. පෙරේදා (21) අත්අඩංගුවට ගත් සැකකාර අනුද ජනාදිත් බණ්ඩාර ඊයේ (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24 ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අධිකරණය අවසර දුන්නේ ය. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව මෙම සැකකරුගේ දුරකථන වාර්තා, බැංකු වාර්තා සහ ක්‍රිප්ටෝ කරන්සි හරහා මීට පෙර වෙනත් ගනුදෙනු සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි. සිද්ධියේ පළමුවන සැකකරු වන අජිත් ප්‍රියන්ත, දෙවන සාක්ෂිකරු වන අසංග සංජිව යන නැමැත්තා විසින් හඳුනා ගෙන ඇතැයි ද, අධිකරණයේදී අනාවරණ විය. ඒ මහේස්ත්‍රාත් නිල මැදිරියේ අද පස්වරුවේ පැවති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මෙම වංචාවට යොදා ගන්නා ලද වාහනය ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්විය. සෙසු සැකකරුවන් සිව් දෙනා ද ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළහ. නඩුව ලබන 27 වැනිදා යළි කැඳවීමට නියමිතයි.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (5)-620441.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (5)-620441_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (5)-620441_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (5)-620441_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3) (5)-620441_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/23/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba","additional_images":["No additional images"]},{"topic":"උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලා, ගොනු කළ පෙත්සම ඉවතට","description":"ඒ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ එකඟත්වය ඇතිව සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය නියෝගය ප්‍රකාශයට පත් කළේය. විභාගය පෙනී සිටින සිසු සිසුවියන් නව දෙනෙකු විසින් එම පෙත්සම ගොනු කර තිබූ අතර එය පසුගිය 16 වැනිදා අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණි. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බවයි. දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල රජයේ නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට රජය ගනු ලැබූ තීරණ හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය. එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න කියා සිටියේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිසු සිසුවියන් 3 ලක්ෂ 78,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි. නමුත් ඉන් නව දෙනෙකු පමණක් මෙම විභාගය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබෙන බවත් ඔහු කියා සිටියේය. පාසලෙන් විභාගවලට පෙනී සිටීමට සිසුන් ‍වාර්ෂිකව පාසැල් පැමිණීමෙන් සියයට 80ක් සම්පූර්ණ කිරීම අවශ්‍ය බවත් පෙත්සම්කරුවන් අතුරින් එක් පෙත්සම්කාර ශිෂ්‍යයකුගේ පාසල් පැමිණීම සටහන් වී ඇත්තේ 7.2%ක් ලෙස බවත් ඔහු ප්‍රකාශ කළේය. උසස් පෙළ විභාගය කල් දැමීම තුළින් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතුවලටද දැඩි අගතියක් සිදුවනු ඇති බව සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය. ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබා දීමකින් තොරව නිශ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project-620432.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project-620432_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project-620432_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project-620432_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project-620432_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/23/%e0%b6%8b%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%90%e0%b6%ba","additional_images":["No additional images"]}]