[{"topic":"ඉතිහාසයේ වැඩිම කුරුඳු මිල මැයි මාසයේදී.","description":"ඉතිහාසයේ වැඩිම කුරුඳු මිල මැයි මාසයේ වාර්තා වන බව  කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර පැවසුවේ, ඇල්බා වාර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිළ මේ වනවිට රුපියල් 7,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. පසුගිය වසරේ මුල් මාස 5ට වඩා මේ වසරේ මුල් මාස 5 තුළ කුරුඳු අපනයන ආදායම, රුපියල් මිලියන 27ක වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/NewsFrame_1783656780842-619668.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/NewsFrame_1783656780842-619668_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/NewsFrame_1783656780842-619668_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/NewsFrame_1783656780842-619668_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/NewsFrame_1783656780842-619668_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/10/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%b3","additional_images":["No additional images"]},{"topic":"ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම් කෙරේ.","description":"පහළ මැදි ආදායම් තත්ත්වයේ සිටි ශ්‍රී ලංකාව 5% දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් වාර්තා කිරීම හමුවේ නැවත ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව නම් කර තිබේ. මේ අතර ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ, සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක මූල්‍ය ආධාර අනුමත කළේ ය. දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට සංවර්ධන හා ප්‍රතිසංස්කරණ  කටයුතු සඳහා, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර තිබේ. ඩොලර් මිලියන 100ක ණය මුදලක් සහ තවත් ඩොලර් මිලියන 100ක සහනදායි ණය මුදලක් ලෙස අදාළ පැකේජය කොටස් දෙකකින් සමන්විතයි. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ප්‍රමිතිය සහතික කිරීම සඳහා ඩොලර් ලක්ෂ 5ක තාක්ෂණික ආධාර ප්‍රදානයක්ද ඊට ඇතුළත්. හානියට පත්වූ මාර්ග සහ වාරිමාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, බලපෑමට ලක් වූ කුඩා වතු හිමියන්ගේ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම, දැඩි ලෙස හානි වූ හෝ විනාශ වූ නිවාස ප්‍රතිසංස්කරණයට සහාය වීම අදාල හදිසි ආධාර පැකේජයේ අරමුණයි. ප්‍රවාහන, වාරිමාර්ග, කෘෂිකර්ම සහ ආපදා කළමණාකරණය සඳහා වගකිව යුතු රජයේ ආයතන හරහා, අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඊට ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති උපදේශකයින්ගේ සහය ලැබෙනු ඇති බවත් අදාළ වෙබ් නිවේදනයේ දැක්වේ. මේ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිගැන්වීම, තරගකාරිත්වය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර තිබේ.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2022/07/World Bank 2-687433-494908.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/World Bank 2-687433-494908-594914_850x460-619232_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/World Bank 2-687433-494908-594914_850x460-619232_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/World Bank 2-687433-494908-594914_850x460-619232_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/World Bank 2-687433-494908-594914_850x460-619232_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/01/%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%b8%e0%b7%90%e0%b6%af%e0%b7%92-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad","additional_images":["No additional images"]},{"topic":"'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට","description":"'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' (Game of Thrones) ටෙලි කතාමාලාවේ ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වූ සහ කතාමාලාවේ බලයේ සංකේතයක් ලෙස සැලකෙන ප්‍රධානතම නිර්මාණයක් වන 'මකර බිත්තර' (Dragon Eggs) තුනක් වෙන්දේසි කිරීමට නියමිත බව 'හෙරිටේජ් ඔක්ෂන්ස්' (Heritage Auctions) ආයතනය නිවේදනය කර තිබේ. මෙම මකර බිත්තර කතාමාලාවේ පළමු කොටසේදී ඩේනරිස් ටාගේරියන් වෙත තිළිණ කරන ලද මුල්ම රූපගත කිරීම් සඳහා භාවිතා කළ බිත්තර වේ. මෙම අයිතමයන් HBO ආයතනය විසින් සත්‍ය වශයෙන්ම රූපගත කිරීම් සඳහා භාවිතා කළ බවට සහතික කර ඇති අතර, ඒවා තැන්පත් කර තිබූ මුල්ම ලී පෙට්ටිය සමඟම වෙන්දේසියට ඉදිරිපත් කෙරේ. වෙන්දේසි දිනය: 2026 ජූලි 15 වත්මන් ලංසුව: දැනට මෙම බිත්තර සඳහා ලැබී ඇති ඉහළම ලංසුව ඇමරිකානු ඩොලර් 21,000 කි. කෙසේ වෙතත්, 2024 වසරේ පැවති 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' වෙන්දේසියේදී 'අයන් ත්‍රෝන්' (Iron Throne) අනුරුවක් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලකට අලෙවි වූ බැවින්, මෙම මකර බිත්තර සඳහාද ඉතා ඉහළ ඉල්ලුමක් සහ මිලක් ලැබෙනු ඇතැයි වෙළඳපල විශ්ලේෂකයෝ අපේක්ෂා කරති. සහභාගී විය හැකි ආකාරය: මෙම වෙන්දේසියට එක්වීමට අපේක්ෂා කරන එකතුකරන්නන් සඳහා 'හෙරිටේජ් ඔක්ෂන්ස්' ආයතනය පහත පියවර හඳුන්වා දී ඇත: ලියාපදිංචිය: Heritage Auctions වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර, මුදල් තැන්පත් කිරීම හෝ අරමුදල් සනාථ කිරීම මගින් ලියාපදිංචි විය යුතුය. Proxy Bidding:ලංසුකරුවන්ට පෙර සැකසූ උපරිම සීමාවක් දක්වා ස්වයංක්‍රීයව ලංසු තැබීමේ හැකියාව පවතී. සජීවී වෙන්දේසිය: ජූලි 15 වන දින ලොව පුරා සිටින සහභාගීකරුවන්ට සජීවීව ලංසු තැබීමේ අවස්ථාව හිමිවේ. මෙම සෑම අයිතමයක් සමඟම HBO ආයතනය විසින් නිකුත් කරන ලද සත්‍යතාව සහතික කරන ලේඛනයක් (Certificate of Authenticity) ලබා දෙනු ලැබේ. 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' කතාමාලාව අවසන් වී වසර ගණනාවක් ගත වුවද, එහි අයිතමයන් කෙරෙහි පවතින උනන්දුව තවමත් ඉහළ මට්ටමක පවතින බව මෙම වෙන්දේසියෙන් යළිත් තහවුරු වේ.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3)-619200.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3)-619200_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3)-619200_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3)-619200_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (3)-619200_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/01/game-of-thrones-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f","additional_images":["No additional images"]},{"topic":"WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පහළට..","description":"මැද පෙරදිග ගැටුම් ආරම්භයෙන් පසු පළමු වරට ඇමරිකානු WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69ක් දක්වා පහත වැටී තිබේ. ඒ අනුව අද (25) අලුයම 5.30වන විට ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69යි සත 93ක් ලෙස සඳහන් විය. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිලද 4% පහළ ගොස් ඩොලර් 73යි සත 74ක් ලෙස සටහන් වේ. පෙබරවාරි මාසයේ ගැටුම්වලට පෙර ඩොලර් 60ත් 70ත් අතර මිලක පැවති බොරතෙල් බැරලයක මිල පසුගිය අප්‍රේල් මාසය වන විට ඩොලර් 126ක් දක්වා ඉහළ ගියේය. ඉරානය සහ ඇමරිකා අවබෝධතා ගිවිසුමට අත්සන් දැමීමෙන් පසු දැන් ක්‍රමයෙන් මිල ගණන් පහළ යමින් පවතී.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2022/03/f3077b38-crude-oil.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/06/f3077b38-crude-oil-618835_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/06/f3077b38-crude-oil-618835_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/06/f3077b38-crude-oil-618835_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/06/f3077b38-crude-oil-618835_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/06/25/%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-wti-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3%e0%b6%b4%e0%b7%9c","additional_images":["No additional images"]},{"topic":"මෙරට නිල සංචිත, 1.6% කින් ඉහළට","description":"මෙරට නිල සංචිත, 1.6% කින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, පසුගිය අප්‍රේල් මාසය අවසානයේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,766ක් ලෙස පැවති බවයි. එය මේ වන විට  ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව සඳහන් කළේ ය. මැද පෙරදිග කලාපයේ පවතින යුද උණුසුම් තත්ත්වය සහ ගෝලීය වශයෙන් මතුව ඇති අවිනිශ්චිතතා හමුවේ වුවද, මේ වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව සහ ස්ථාවරව පැවති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ජාත්‍යන්තර වශයෙන් පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, මෙරට වාණිජ බැංකු සහ මුදල් සමාගම් මගින් ලබාදුන් සමස්ත ණය ප්‍රමාණය මේ වසරේ පළමු කාර්තුවේදී තවදුරටත් වේගයෙන් වර්ධනය වී තිබේ. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි. මේ වසරේ පළමු කාර්තුව අවසානයේදී බැංකු ක්ෂේත්‍රය ලබාදුන් සමස්ත ණය ප්‍රමාණය, පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 24.4% ක කැපී පෙනෙන වර්ධනයක් බව මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ මෙම වර්ධන වේගය 7.9% ක් වැනි අඩු මට්ටමක පැවතුණි. මීට අමතරව, මෙලෙස පැහැර හරින ලද ණය වෙනුවෙන් වෙන් කර ඇති හානිපූරණ ආවරණ අනුපාතිකයද 54.1% සිට 59.5% ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙය බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය තහවුරු කිරීමට ඉවහල් වන සාධකයක් බවයි","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2025/12/Central bank-570372-605129.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/06/Central bank-570372-605129-617595_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/06/Central bank-570372-605129-617595_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/06/Central bank-570372-605129-617595_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/06/Central bank-570372-605129-617595_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/06/06/%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%92%e0%b6%ad","additional_images":["No additional images"]}]